හැඳින්වීම

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ  4(2)(a) , 4(2)(b) වගන්ති වලට අනුව සහ එම පනතෙහි වගන්ති 09  හි සඳහන් ප්‍රතිපාදනයන්ට යටත්ව පරිසීමිත වෙළෙඳුන් හට විදේශ විනිමය වෙළෙඳාමෙහි නිරත වීම සඳහා බලය ලබා දී ඇත.

ඒ අනුව, පරිසීමිත වෙළෙඳුන් හට පහත කාර්යයන් සඳහා අවසර ලබා දී ඇත.

  • ශ්‍රී ලංකා රුපියල් ලබා දී විදේශ මුදල් මිලට ගැනීමට
  • එක් විදේශ මුදල් වර්ගයක් ඕනෑම තවත් විදේශ මුදල් වර්ගයක් සමග හුවමාරු කිරීමට (හෝටල් හැර) සහ
  • තෝරාගත් පරිසීමිත වෙළෙඳුන් හට පමණක් ශ්‍රී ලංකා රුපියල් ලබාගෙන විදේශ මුදල් විකිණීමට