නේවාසිකයන් සහ අනේවාසිකයන්

නේවාසිකයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනත අනුව පහත සඳහන් පුද්ගලයින් ශ්‍රී ලංකික නේවාසිකයන් ලෙස සලකනු ලැබේ.

  1. ශ්‍රී ලාංකික පුරවැසියන්
  2. පෙරාතුව වූ මස 12 තුළ, සමස්තය දින 183ක් හෝ ඊට වැඩි කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාව තුළ සිටියා වූ ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වී සිටින විදේශ රටක යම් පුරවැසියකු.
  3. පෙරාතුව වූ මස 12 තුළ, සමස්තය දින 182කට නොවැඩි වූ කාල සීමාවක් ශ්‍රී ලංකාවෙන් බැහැරව නික්ම ගොස් ඇති යම් ශ්‍රී ලාංකික පුරවැසියකු.
  4. ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවෙන් බැහැරව නික්ම ගොස් ඇති යම් ශ්‍රී ලාංකික පුරවැසියකු.
  5. ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, කොන්සල්වරුන් හෝ වෙළඳ කොමසාරිස්වරුන් හෝ විදේශ ගතව ජීවත්වන ඔවුන්ගේ පවුලේ යම් සාමාජිකයකු.
  6. ශ්‍රී ලංකාවෙන් බැහැර දී බඳවාගනු ලැබූ තැනත්තන් හැර, ශ්‍රී ලංකාවෙන් බැහැර සේවය කරනු ලබන, ශ්‍රී ලංකාව තුළ සංස්තාගත කරනු ලැබූ රාජ්‍ය සංස්ථාවක, රාජ්‍ය ආයතනයක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, බලපත්‍රලාබී බැංකුවක හෝ සමාගමක කාර්ය මන්ඩල සාමාජිකයකු හෝ විදේශ ගතව ජීවත්වන ඔවුන්ගේ පවුලේ යම් සාමාජිකයකු.
  7. ශ්‍රී ලංකාවේ නේවාසික හෝ අදාළ වීසා බලපත්‍රයක් යටතේ සේවා නියුක්තියේ යෙදුණු විදේශ රටවල පුරවැසියන්.
  8. ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත සමාගම්, ශ්‍රී ලංකාවෙන් බැහැරව සංස්ථාපිත කරනු ලැබූ බලපත්‍රලාබී බැංකුවල ශාඛා ඇතුළුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ විදේශ සමාගම්, අක්වෙරළ සමාගම් ලෙස ලියාපදිංචි කරනු ලැබූ සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරනු ලැබූ සමාජ, සංගම් හෝ වෙනත් යම් සංවිධාන.
  9. මියයෑම සිදු වූ අවස්ථාවේ දී, මියගිය තැනැත්තා හෝ ගිවිසුම ඇති කරගත් අවස්ථාවේ දී නේවාසිකයකු වූ අවස්ථාවක දී, හුදෙක්ම අදාළ තත්වයෙහි කටයුතු කරනු ලබන් විට දී, අන්තිම කැමති පත්‍ර, භාර හෝ ජීවත්වන්නන් අතර වන ගිවිසුම්ගි වෙනත් රටක භාරකරුවන් සහ බූදලයන්හි අද්මිනිස්ත්‍රාසිකරුවන් හෝ අන්තිම කැමති පත්‍රයන්හි පොලමඃකරුවන්.
  10. ශ්‍රී ලංකාවේ නැවක සේවය කළ ශ්‍රී ලාංකික පුරවැසියන්
 

අනේවාසිකයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසියට අනුව ඉහත සඳහන් පුද්ගලයින් හැර වෙනත් පුද්ගලයින් ශ්‍රී ලංකාවේ අනේවාසිකයින් ලෙස සලකනු ලැබේ.