විදේශ විනිමය ලඟ තබා ගැනීම

 

විදේශ විනිමය සන්තකයේ තබා ගැනීම

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයකුගෙන් ලැබුන වේතනයක් හෝ සංචාරක අරමුණු සඳහා සඳහා බලයලත් ආයතනයකින් මිලදී ගන්නා ලද හෝ ඔහුගේ / ඇයගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමෙන් (PFCA) හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුමෙන් (BFCA) ඉවත් කර ගන්නා ලද ඇමරිකානු ඩොලර් 10,000 ක් දක්වා වූ විදේශ මුදල් නෝට්ටු හෝ වෙනත් විදේශ මුදල්වලට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට ඕනෑම කාල පරිච්ඡේදයක් සඳහා රඳවා ගත හැකිය.

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුට භාණ්ඩ හා සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට විදේශ මුදල් ලැබුණු විට එම මුදල් දින 7 ක් දක්වා රඳවා ගත හැකි අතර එම කාලය තුළ එය ව්‍යාපාර විදේශ මුදල් ගිණුමක් (BFCA)  වෙත බැර කළ යුතුය. නැතහොත් බලයලත් වෙළෙන්දෙකුට (AD) හෝ සීමිත වෙළෙන්දෙකුට (RD) විකුණා දැමිය යුතුය.

ශ්‍රී ලංකාවේ අනේවාසිකයින්ට, ඔහු / ඇය විසින් ශ්‍රී ලංකාවෙන් පිටතදී උපයාගනු ලැබූ හෝ පවත්වාගෙන යනු ලැබූ විදේශ විනිමය ගිණුම් වලින් ලබාගත් විදේශ මුදල් නම්, ඔහු/ ඇය සතුව ඇති ඕනෑම විදේශ මුදල් ප්‍රමාණයක් රඳවා ගත හැකිය

 

විදේශ විනිමය රඳවා ගැනීමේ කාලය

කිසියම් අරමුණක් සඳහා බලයලත් වෙළෙන්දෙකු (AD) හෝ සීමිත වෙළෙන්දෙකු (RD) වෙතින් විදේශ මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකර දින 90 කට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත නොහැක.

ශ්‍රී ලංකාවෙන් පිටත උපයා ගත් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකර හෝ විදේශ මුදල් ගිණුමකට බැර නොකර දින 90 කට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත නොහැක.