නිතර අසන ප්‍රශ්ණ

1. භාවිතයට නොගත් විදේශ සංචාරක දීමනාව තැන්පත් කිරීමෙන් නව පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිද?

නැත. භාවිතයට නොගත් විදේශ මුදල් තැන්පත් කිරීමෙන් නව පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA)විවෘත කළ නොහැකි අතර ඒවා දේශීය මුදල් සඳහා බලයලත් වෙළෙන්දෙකුට හෝ පරිසීමිත වෙළෙන්දෙකුට විකිණීමට අවශ්‍ය වේ.

2. නව ගිණුම් විවෘත කිරීමේදී බැංකුවලට ඉදිරිපත් කළ යුත්තේ කුමන ආකාරයේ ලේඛනමය සාක්ෂිද?

බලයලත් වෙළෙඳුන්ට (බැංකු) නිකුත් කර ඇති අදාළ විධානයන්හි දක්වා ඇති ලියකියවිලි / තොරතුරු හැරුණු විට, ඔවුන්ගේ සාමාන්‍ය බැංකු භාවිතයන්, ක්‍රියා පටිපාටි සහ අදාළ ‘ගනුදෙනුකරු හඳුනාගැනීමේ’රෙගුලාසිමත පදනම්ව පනතේ අවසරය අනුව වෙනත් ඕනෑම ලේඛනයක් / තොරතුරු බැංකුවෙන් ඉල්ලා සිටිය හැකිය.

3. පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA) විවෘත කිරීමට ද්විත්ව පුරවැසියන් සුදුසුකම් ලබන්නේද?

ඔව්. ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් හෝ අනේවාසිකයන් වේවා පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA) විවෘත කිරීමට සුදුසුකම් ලබයි.

(2017 අංක 3 රෙගුලාසි වල II වන උපලේඛනයේ 1 (1) ඡේදය බලන්න)

4. නිත්‍ය විදේශ විනිමය ආදායමක් නොමැතිව ඕනෑම ශ්‍රී ලාංකික පදිංචිකරුවෙකුට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිද?

ඔව්. බැංකු පද්ධතිය හරහා ආමුඛ ප්‍රේෂණ ලෙස හෝ අනේවාසික පුද්ගලයෙකුගෙන්/ වෙනත් පුද්ගලයෙකුගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA)වෙතින් විදේශ විනිමය ලබා ගන්නා ඕනෑම පුද්ගලයෙකුට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA)  විවෘත කළ හැකිය.

5. ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකුට විදේශ මුදල් ප්‍රේෂණය කරන්නේ නම්, එම අරමුදල් සමඟ ලබන්නාට පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිද?

ඔව්. බැංකුපද්ධතිය හරහා ලැබෙන ඕනෑම ආකාරයක ආමුඛ ප්‍රේෂණයකින් පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) විවෘත කළ හැකිය.

6. පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCAs) සහ ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් (BFCAs) හිමියන්ට කිසියම් කටයුත්තක් සඳහා විදේශ මුදල් නෝට්ටු ආපසු ලබා ගත හැකිද?

නැත. විදේශ මුදල් ආපසු ගැනීම කළ හැක්කේ උපරිම ඇමරිකානු ඩොලර් 10,000 ට හෝ සමාන වෙනත් විදේශ මුදල් වර්ගයකට සංචාරක අරමුණු සඳහා පමණි.

(2017 අංක 3 රෙගුලාසි වල II වන උපලේඛනයේ 1 (3) (උ) ඡේදය බලන්න)

 

1. ආමුඛ ආයෝජන ගිණුමක් (IIA) හරහා කරන ලද ආයෝජනයකින් උපයන ලද ජංගම සහ රඳවා ගත් ලාභ ප්‍රේෂණය කිරීමේ ස්ථාවරය කුමක්ද?

ජංගමගනුදෙනු සඳහා නිකුත් කර ඇති 2017 අංක 01 දරණ විධානයට අනුව වත්මන් වර්ෂයේ ලාභය ප්‍රේෂණය කළ හැකි අතර ප්‍රාග්ධන ගනුදෙනු පිළිබඳ 2017 අංක 1 දරණ රෙගුලාසි II වන උපලේඛනයේ 2 (d) ඡේදය ප්‍රකාරව රඳවා ගත් ලාභ ප්‍රේෂණය කළ හැකිය.

2. වෛද්‍යමය අරමුණු සඳහා මුදල් ප්‍රේෂණය කළ හැකිද?

ජංගම ගනුදෙනු ලෙස සලකනු ලබන බැවින් බලයලත් වෙළෙඳුන්ටඅවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් වෛද්‍ය අරමුණු හා සම්බන්ධ සියලු වියදම් පියවා ගත හැකිය.(2017 අංක 1විධානයේII වන උපලේඛනයේ 3.1.1 බලන්න)

3. “මුදල් තෑගි” ජංගම ගනුදෙනු වලට යටත් වේද?

නැත.ජංගමගනුදෙනු යටතේ අවසර දී ඇත්තේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ, වෛද්‍ය සැපයුම් ආදිය සඳහා වන ගනුදෙනු පමණි.

4. පවුලේ නඩත්තුව යටතේ මාසික නවාතැන් / ජීවන වියදම් සඳහාමුදල් ප්‍රේෂණය කළ හැකිද?

ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචිව සිටින පුද්ගලයෙකුට තම පවුල් හෝ යැපෙන්නන් (දෙමාපියන්, කලත්‍රයා හෝ දරුවන්) නඩත්තු කිරීම සඳහා නිදහසේ මුදල් ප්‍රේෂණය කළ හැකිය.

(2017 අංක 1 විධානයේ I වන උපලේඛනයේ 4.3 බලන්න)

 

1. විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට වාහනවල නිරපේක්ෂ අයිතිය සහිතව බැංකු වලින් ණය පහසුකම් ලබා ගත හැකිද?

ඔව්. විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම කටයුත්තක් සඳහා ණය ලබා ගත හැකිය.

(2017 අංක 10 විධානයබලන්න)

 

1. දින 120 ක් ඇතුළත අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයේ වෙනසක් තිබේද?

සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම තම අපනයන ආදායම අපනයනය කළ දින සිට දින 120 ක් ඇතුළත ආපසු ගෙන්වා ගත යුතුය. කෙසේ වෙතත්, දින 120 ක් සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දින 30 ක සහන කාලයක් ලබා දිය හැකිය. (2017 අංක 1 දරණ රෙගුලාසිවල IV වන උපලේඛනයේ F ශීර්ෂය බලන්න).

1. දින 182 කට වැඩි කාලයක් තාවකාලික පදනමින් ශ්‍රී ලංකාවෙන් පිටත ගිය අය “අනේවාසිකයින්” ලෙස සැලකේ. එමනිසා, දින 182 කට වැඩි කාලයක් සංචාර සඳහා ගොස් දැන් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයකු ගිණුමක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවිටඔහුගේ නේවාසික තත්වය කුමක්ද?

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නැවත මෙරටට පැමිණිවිටශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් ලෙස සලකනු ලබන්නේ ඔවුන් එවැනි තාවකාලික සංචාරයන් ‘සංචාරක වීසා’ මත සිදුකරඇති බැවිනි. එබැවින් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් සඳහා ලබා ගත හැකි ඕනෑම ගිණුම් වර්ගයක් විවෘත කිරීමට ඔවුන් සුදුසුකම් ලබයි.

1. රෙගුලාසියට අනුව, දින 182 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවෙන් පිටත ගත කළ පුද්ගලයින් අනේවාසිකයින් ලෙස සැලකිය යුතුය. එබැවින්, ශ්‍රී ලංකාවට පැමිණි ද්විත්ව පුරවැසියන් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීමට සුදුසුකම් නොලබන්නේද?

ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළුව) ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට නිකුත් කළ හැකිය. එබැවින්, රෙගුලාසි වල අර්ථ දක්වා ඇති පරිදි නේවාසික තත්ත්වය කුමක් වුවත්, කාඩ්පත අයදුම් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටී නම් ඕනෑම ද්විත්ව පුරවැසියෙකුට ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගත හැකිය. තවද, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිකරුවන් ලෙස අර්ථ දක්වා ඇති ද්විත්ව පුරවැසියන්ට ඇප වශයෙන් තබා ඇති ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ විදේශ මුදල් ගිණුම්වල ඇති අරමුදල් 90% ක සීමාවක් දක්වා ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගත හැකිය. (2017 අංක 02 දරණ විධානය බලන්න)

1. පරිසීමිත වෙළෙන්දෙක් (RD) යනු කවුද?

පරිසීමිත වෙළෙන්දෙක් (RD) යනු විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් විදේශ විනිමය පනතේ 16 වන වගන්තිය සමඟ කියවා ඇති 4 (2) වගන්තිය ප්‍රකාරව නිකුත් කර ඇති බලපත්‍රයේ දක්වා ඇති අරමුණු සඳහාශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය ගනුදෙනු කිරීමට අවසර දී ඇති ඕනෑම පුද්ගලයකු, පංතියක් හෝ පුද්ගල පන්තියකි.

2. පරිසීමිත වෙළෙන්දන් (RDs) කාණ්ඩ මොනවාද?

මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නියැලීමට පහත සඳහන් සමාගම් / ආයතනවලට දැනට පරිසීමිත වෙළෙන්දන් (RDs)ලෙස අවසර ලබා දී ඇත;

  • මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ (මුදල් හුවමාරු කරන්නන්) පමණක් නියැලී සිටින සීමිත සමාගම්;
  • බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (LFCs) සහ විශේෂිත ලීසිං ආයතන (SLE); හා
  • ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සංචාරක හෝටල් ලෙස ලියාපදිංචි වී ඇති හෝටල්

3. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක නිරත වීමට දැනට අවසර දී ඇති පරිසීමිත වෙළෙන්දන් (RDs) පිළිබඳ විස්තර මොනවාද?

මෙම වෙබ් අඩවියේ (www.dfe.lk) මුල් පිටුවෙහි “මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ යෙදීමට අවසර ඇති සමාගම්” යන ක්ෂේත්‍රය යටතේ ලැයිස්තුව නැරඹිය හැකිය.

4. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාර සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද?

වරින් වර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද නිර්ණායකයන්ට අනුව මුදල් හුවමාරු කරන්නන් සහ වෙනත් සමාගම් / ආයතනවලට මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර ලබා දෙනු ලැබේ.

  • මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක යෙදීමට බලපත්‍රයක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන සීමිත සමාගම්, මෙම වෙබ් අඩවියේ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාර ක්ෂේත්‍රය යටතේ ඇති නියමිත ආකෘතියට අනුව නිසි පරිදි පුරවන ලද අයදුම්පතක්, අවශ්‍ය ලිපි ලේඛන / තොරතුරු සමඟ අධ්‍යක්ෂ, විදේශ විනිමය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය.
  • මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක නිරත වීමට බලපත්‍රයක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන වෙනත් ආයතන වෙබ් අඩවියේ සඳහන් ලේඛන / තොරතුරු සමඟ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

5. මුදල් හුවමාරු කරන්නෙකු වීමට සපුරාලිය යුතු මූලික අවශ්‍යතා මොනවාද?

මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාර ක්ෂේත්‍රය යටතේ මූලික අවශ්‍යතා මෙම වෙබ් අඩවියේ මුල් පිටුවේ - “අංක 12 විදේශ විනිමය පනතේ 4 (2) (අ) සහ 4 (2) (ආ) වගන්තිය යටතේ පරිසීමිත වෙළෙන්දෙකු ලෙස මුදල් හුවමාරුකිරීමේ බලපත්‍රයක් ලබා ගැනීම’’ යටතේ දැක ගත හැකිය.

6. බලපත්‍රය ලබා දීම සඳහා බලපත්‍ර ගාස්තුවක් අය කරන්නේද?

නැත. බලපත්‍රය නොමිලේ ලබාදේ.

7. පවත්නා සීමිත සමාගමක් මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක නිරත වීමට සුදුසුකම් ලබන්නේද?

ඔව්. වෙබ් අඩවියේ සඳහන් සියලුම අවශ්‍යතා සපුරාලන දැනට පවතින ඕනෑම සීමිත සමාගමකට මුදල් හුවමාරුකිරීමේ බලපත්‍රයක් ලබා ගත හැකිය.

8. ශ්‍රී ලංකාවේ ශාඛා ලියාපදිංචි කර ඇති විදේශීය සමාගම්වලට ශ්‍රී ලංකාවේ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක නිරත වීමට සුදුසුකම් තිබේද?

ඔව්, අයදුම්පත් එක් එක් සිද්ධිය අනුව සලකා බලනු ලැබේ.

9. දැනට පවතින පරිසීමිත වෙළෙඳුන්ට (RDs) ශාඛා විවෘත කිරීමට අවසර තිබේද?

  • ඔව්. පවත්නා පරිසීමිත වෙළෙඳුන්ට (RDs) ශාඛා විවෘත කිරීමට අවසර ඇත.
  • කෙසේ වෙතත්, අවම ප්‍රාග්ධන අවශ්‍යතාව වන රු. මිලියන 15 සපුරාගත්මුදල් හුවමාරු කරන්නන්ට විවෘත කළ හැක්කේ ශාඛා දෙකක් (02) පමණි. එයින්අවම වශයෙන් (01) ශාඛාවක් බස්නාහිර පළාතෙන් පිටත ස්ථාපිත කළ යුතුය. මුදල් හුවමාරුකරන්නන්ට ශාඛා දෙකකට වඩා ඉල්ලුම් කිරීමට අවශ්‍ය නම්, ප්‍රාග්ධනය රු. මිලියන5ක් එක් එක් අතිරේක නව ශාඛා සඳහා අවශ්‍ය වේ.
  • බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (LFCs), විශේෂිත ලීසිං ආයතන (SLEs)සහ හෝටල් වලට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ පූර්ව අනුමැතිය ඇතිව ශාඛා විවෘත කළ හැකිය.

10. පරිසීමිත වෙළෙඳුන්ට (RDs) අවසර ලත් ක්‍රියාකාරකම් මොනවාද?

අවසර ලත් ක්‍රියාකාරකම් විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන අතර ඒවා බලපත්‍රයේ පැහැදිලිව සඳහන් කර ඇති අතර දැනට අවසර දී ඇති ක්‍රියාකාරකම් පහත පරිදි ලැයිස්තුගත කළ හැකිය;

  • ශ්‍රී ලංකාරුපියල් ලබාදීවිදේශ මුදල් මිලදී ගැනීම;
  • වෙනත් ඕනෑම විදේශ මුදල් සඳහා විදේශ මුදල් හුවමාරු කිරීම; හා
  • සංචාරක අරමුණු සඳහා ශ්‍රී ලංකාරුපියල්වලට විදේශ මුදල් විකිනීම (අදාළ වන්නේ විදේශ මුදල් විකිණීමට බලය ඇති පරිසීමිත වෙළෙඳුන් (RDs) සඳහා පමණි).

11. පරිසීමිත වෙළෙඳුන් (RDs) සඳහා නිකුත් කර ඇති බලපත්‍ර වලංගු කාල සීමාව කුමක්ද?

බලපත්‍ර සාමාන්‍යයෙන් ලිත්වර්ෂයක්සඳහා නිකුත් කෙරේ. බලපත්‍රයේ කොන්දේසි වලට අනුකූලව කල් ඉකුත් වීමට පෙර ඊළඟ වසර සඳහා නව බලපත්‍රයක් නිකුත් කළ හැකිය.

12. ඊළඟ වසර සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය ලබා ගැනීම සඳහා පවත්නා මුදල් හුවමාරු කරන්නන් විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද?

  • පවත්නා බලපත්‍රය කල් ඉකුත්වීමට පෙර (පවත්නා බලපත්‍රයේ සඳහන් කාල සීමාවට පෙර හෝ ඊට පෙර) ඊළඟ වසර සඳහා බලපත්‍රය ඉල්ලා සිටිමින් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලිපියක්.
  • ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. මිලියන15සඳහා සාක්ෂි සහිත නවතම මූල්‍ය ප්‍රකාශනය.
  • මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ යෙදීමට සමාගම විසින් බලය පවරන ලද සේවකයින්ගේ තනතුරු සහ නිදර්ශක අත්සන් සමඟනම් ලැයිස්තුව.
  1. ඊට අමතරව, පවත්නා බලපත්‍රය කල් ඉකුත් වන විට නව බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති පරිදි වාර්ෂික පිරිවැටුමක් සෑම මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික ස්ථානයක්ම (විදේශ මුදල් තැන්පතු) පවත්වා ගත යුතුය.
  2. පරිසීමිත වෙළෙඳුන්(RDs)යටතට ගැනෙන අනෙකුත් කාණ්ඩයන් එකී පිරිවැටුම් අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.

13. පරිසීමිත වෙළෙඳුන්(RDs) විසින් මුදල් මිලදී ගැනීම සඳහා යම් සීමාවන් තිබේද?

පරිසීමිත වෙළෙඳුන්(RDs) විසින් මහජනතාවගෙන් මිලදී ගන්නා විදේශ මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවන් නොමැත.

14. විදේශ මුදල් මිලදී ගැනීමේදී සහවිකිනීමේදී පරිසීමිත වෙළෙඳුන්(RDs) විසින් සොයා බැලිය යුතු අතවශ්‍ය ලියකියවිලි මොනවාද?

විදේශ මුදල් විකුණන අවස්ථාවේ,

  • ගමන් බලපත්‍රය
  • ගුවන් ප්‍රවේශපත්‍රය
  • සංචාරයේ අරමුණ සනාථ කිරීම සඳහා වීසා බලපත්‍රය සහ අදාළ ලියකියවිලි

විදේශමුදල්මිලදීගැනීමේදී,

  • ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය

15. සංචාරය කිරීම සඳහා විදේශ මුදල් විකිණීමට පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර පිටසන් කිරීමට පරිසීමිත වෙළෙඳුන්(RDs) හට අවසර තිබේද?

ඔව්.

1.   විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින් ආනයන සඳහා විදේශ ව්‍යවහාර මුදලින් කරනු ලබන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?

නැත. එකී නියමය මගින් ආනයන සඳහා කරනු ලබන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර නොමැත. 

 2.  විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින් අධ්‍යාපන වියදම්, ජීවන වියදම් සහ වෙනත් අරමුණු සඳහා වන ජංගම ගනුදෙනු සඳහා කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?

නැත. එකී නියමය මගින් අධ්‍යාපන වියදම්, ජීවන වියදම් සහ වෙනත් අරමුණු සඳහා වන ජංගම ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර නොමැත.

 3.  විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින්, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදු කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?

එකී නියමය මගින් පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ජංගම ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම් සීමා කර නොමැත.

එසේ වුවද, මෙම නියමය බලපැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ, ඉහත ගිණුම් හරහා ප්‍රාග්ධන ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවිම් එ.ජ.ඩොලර් 20,000 ක් දක්වා සීමා කර ඇත. 

 4.  විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින් ආමුඛ ආයෝජන ගිණුම් හරහා අනේවාසික පුද්ගලයන් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ආයෝජනවලට අදාළ ලාභාංශ සහ අනෙකුත් ප්‍රාග්ධන ලැබීම් සඳහා වන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?

නැත. එකී නියමය මගින් ලාභාංශ සහ අනෙකුත් ප්‍රාග්ධන ලැබීම් සඳහා වන ගෙවීම් අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර නොමැත.

 5.  විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින්, ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හරහා විජාතිකයන් (විගාමිකයන් හැර) ඔවුන් සතුව ශ්‍රීි ලංකාවෙහි  ශ්‍රී ලංකා රුපියල් වලින් ඇති අරමුදල් සියරට වෙත රැගෙන යාම අත්හිටුවීමක්/සීමා කිරීමක් සිදු කර තිබේද?

නැත. එකී නියමය  මගින් ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හරහා විජාතිකයන් (විගාමිකයන් හැර) ඔවුන්සතු ශ්‍රී ලංකාවෙහි  ශ්‍රී ලංකා රුපියල්වලින් ඇති අරමුදල් සියරට වෙත රැගෙන යාම සම්බන්ධයෙන් අත්හිටුවීම්/සීමාකිරීම් පනවා නොමැත. 

දැනට පවතින විදේශ විනිමය නියෝග යටතේ ප්‍රදානය කර ඇති පොදු අවසරයට අනුව, විජාතිකයෙකුට (විගාමිකයන් හැර) ප්‍රාග්ධන රුපියල් ගිණුම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති විධානවලට යටත්ව වාර්ෂිකව එ.ජ.ඩොලර් 30,000 කට සමාන අරමුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කළ හැකිය.

 6.  විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ වන නියමය බලපැවැත්වෙන කාල පරිච්ඡේදය තුළ විගාමිකයන්ට ඔවුන් සතුව ශ්‍රී ලංකාවෙහි ශ්‍රී ලංකා රුපියල් වලින් ඇති අරමුදල් සිය රට වෙත රැගෙනයාම සිදු කළ හැකිද? 

ඔව්. එකී නියමය බලපැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ පළමුවරට සංක්‍රමණික දීමනාවට හිමිකම් පාන විගාමිකයෙකුට එ.ජ.ඩොලර් 30,000 ක් ප්‍රේෂණය කළ හැකිය.  දැනටමත් සංක්‍රමණික දීමනාවට හිමිකම් පාන ලද විගාමිකයෙකුට එම කාලපරිච්ඡේදය තුළ එ.ජ.ඩොලර් 10,000 ක් පමණක් ප්‍රේෂණය කළ හැකිය. 

 7.  විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය මගින්, ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා වන ගෙවීම් සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේද?

  • පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් තුළින් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම් එ.ජ.ඩොලර් 20,000 ක උපරිමයකට යටත්ව සිදු කළ හැකිය.
  • ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් තුළින් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම් සඳහා අවසර ලබා දී ඇත්තේ, එම ආයෝජන;
    1. ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා ලද විදේශ ව්‍යවහාර මුදල් ණයක් මගින් මූල්‍යනය කිරීමට අපේක්ෂා කරයි නම්,
    2. ආයෝජිතයාගේ රටෙහි නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා සිදු කරනු ලබන අමතර ආයෝජන නම්,
    3. එ.ජ.ඩොලර් 15,000 කට යටත්ව, විදේශයක දැනටමත් ස්ථාපිත කර ඇති පාලිත සමාගම්වල හෝ ශාඛා කාර්යාලවල සුදුසුකම්ලත් නේවාසික සමාගම් විසින් සිදු කිරීමට නියමිත අමතර ආයෝජන/අරමුදල් යෙදවීමක් නම්, හෝ
    4. එ.ජ.ඩොලර් 30,000 ක උපරිමයකට යටත්ව, විදේශයක දැනටමත් ස්ථාපිත කර ඇති සම්බන්ධීකරණ, අලෙවි, නියෝජිත, ව්‍යාපෘති, අනුයෝජිත හෝ වෙනත් ඕනෑම සමාන කාර්යාලවල නඩත්තු කටයුතු සඳහා සිදු කරනු ලබන්නේ නම්, පමණි.