හැඳින්වීම
2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 4(2)(a) , 4(2)(b) වගන්ති වලට අනුව සහ එම පනතෙහි වගන්ති 09 හි සඳහන් ප්‍රතිපාදනයන්ට යටත්ව බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන් හට විදේශ විනිමය වෙළෙඳාමෙහි නිරත වීම සඳහා බලය ලබා දී ඇත.
ඒ අනුව, බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන් හට පහත කාර්යයන් සඳහා අවසර ලබා දී ඇත.
- ශ්‍රී ලංකා රුපියල් ලබා දී විදේශ මුදල් මිලට ගැනීමට
- එක් විදේශ මුදල් වර්ගයක් ඕනෑම තවත් විදේශ මුදල් වර්ගයක් සමග හුවමාරු කිරීමට (හෝටල් හැර) සහ
- තෝරාගත් පරිසීමිත වෙළෙඳුන් හට පමණක් ශ්‍රී ලංකා රුපියල් ලබාගෙන විදේශ මුදල් විකිණීමට