මූලික තොරතුරු

 
නේවාසිකයන් සහ අනේවාසිකයන්

නේවාසිකයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනත අනුව පහත සඳහන් පුද්ගලයින් ශ්‍රී ලංකික නේවාසිකයන් ලෙස සලකනු ලැබේ.

  1. ශ්‍රී ලාංකික පුරවැසියන්
  2. පෙරාතුව වූ මස 12 තුළ, සමස්තය දින 183ක් හෝ ඊට වැඩි කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාව තුළ සිටියා වූ ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වී සිටින විදේශ රටක යම් පුරවැසියකු.
  3. පෙරාතුව වූ මස 12 තුළ, සමස්තය දින 182කට නොවැඩි වූ කාල සීමාවක් ශ්‍රී ලංකාවෙන් බැහැරව නික්ම ගොස් ඇති යම් ශ්‍රී ලාංකික පුරවැසියකු.
  4. ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ශ්‍රී ලංකාවෙන් බැහැරව නික්ම ගොස් ඇති යම් ශ්‍රී ලාංකික පුරවැසියකු.
  5. ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, කොන්සල්වරුන් හෝ වෙළඳ කොමසාරිස්වරුන් හෝ විදේශ ගතව ජීවත්වන ඔවුන්ගේ පවුලේ යම් සාමාජිකයකු.
  6. ශ්‍රී ලංකාවෙන් බැහැර දී බඳවාගනු ලැබූ තැනත්තන් හැර, ශ්‍රී ලංකාවෙන් බැහැර සේවය කරනු ලබන, ශ්‍රී ලංකාව තුළ සංස්තාගත කරනු ලැබූ රාජ්‍ය සංස්ථාවක, රාජ්‍ය ආයතනයක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, බලපත්‍රලාබී බැංකුවක හෝ සමාගමක කාර්ය මන්ඩල සාමාජිකයකු හෝ විදේශ ගතව ජීවත්වන ඔවුන්ගේ පවුලේ යම් සාමාජිකයකු.
  7. ශ්‍රී ලංකාවේ නේවාසික හෝ අදාළ වීසා බලපත්‍රයක් යටතේ සේවා නියුක්තියේ යෙදුණු විදේශ රටවල පුරවැසියන්.
  8. ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත සමාගම්, ශ්‍රී ලංකාවෙන් බැහැරව සංස්ථාපිත කරනු ලැබූ බලපත්‍රලාබී බැංකුවල ශාඛා ඇතුළුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ විදේශ සමාගම්, අක්වෙරළ සමාගම් ලෙස ලියාපදිංචි කරනු ලැබූ සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරනු ලැබූ සමාජ, සංගම් හෝ වෙනත් යම් සංවිධාන.
  9. මියයෑම සිදු වූ අවස්ථාවේ දී, මියගිය තැනැත්තා හෝ ගිවිසුම ඇති කරගත් අවස්ථාවේ දී නේවාසිකයකු වූ අවස්ථාවක දී, හුදෙක්ම අදාළ තත්වයෙහි කටයුතු කරනු ලබන් විට දී, අන්තිම කැමති පත්‍ර, භාර හෝ ජීවත්වන්නන් අතර වන ගිවිසුම්ගි වෙනත් රටක භාරකරුවන් සහ බූදලයන්හි අද්මිනිස්ත්‍රාසිකරුවන් හෝ අන්තිම කැමති පත්‍රයන්හි පොලමඃකරුවන්.
  10. ශ්‍රී ලංකාවේ නැවක සේවය කළ ශ්‍රී ලාංකික පුරවැසියන්
 

අනේවාසිකයන්

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසියට අනුව ඉහත සඳහන් පුද්ගලයින් හැර වෙනත් පුද්ගලයින් ශ්‍රී ලංකාවේ අනේවාසිකයින් ලෙස සලකනු ලැබේ.

 

 
විදේශ විනිමය ලඟ තබා ගැනීම

 

විදේශ විනිමය සන්තකයේ තබා ගැනීම

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයකුගෙන් ලැබුන වේතනයක් හෝ සංචාරක අරමුණු සඳහා සඳහා බලයලත් ආයතනයකින් මිලදී ගන්නා ලද හෝ ඔහුගේ / ඇයගේ පුද්ගලික විදේශ මුදල් ගිණුමෙන් (PFCA) හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුමෙන් (BFCA) ඉවත් කර ගන්නා ලද ඇමරිකානු ඩොලර් 10,000 ක් දක්වා වූ විදේශ මුදල් නෝට්ටු හෝ වෙනත් විදේශ මුදල්වලට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට ඕනෑම කාල පරිච්ඡේදයක් සඳහා රඳවා ගත හැකිය.

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුට භාණ්ඩ හා සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට විදේශ මුදල් ලැබුණු විට එම මුදල් දින 7 ක් දක්වා රඳවා ගත හැකි අතර එම කාලය තුළ එය ව්‍යාපාර විදේශ මුදල් ගිණුමක් (BFCA)  වෙත බැර කළ යුතුය. නැතහොත් බලයලත් වෙළෙන්දෙකුට (AD) හෝ සීමිත වෙළෙන්දෙකුට (RD) විකුණා දැමිය යුතුය.

ශ්‍රී ලංකාවේ අනේවාසිකයින්ට, ඔහු / ඇය විසින් ශ්‍රී ලංකාවෙන් පිටතදී උපයාගනු ලැබූ හෝ පවත්වාගෙන යනු ලැබූ විදේශ විනිමය ගිණුම් වලින් ලබාගත් විදේශ මුදල් නම්, ඔහු/ ඇය සතුව ඇති ඕනෑම විදේශ මුදල් ප්‍රමාණයක් රඳවා ගත හැකිය

 

විදේශ විනිමය රඳවා ගැනීමේ කාලය

කිසියම් අරමුණක් සඳහා බලයලත් වෙළෙන්දෙකු (AD) හෝ සීමිත වෙළෙන්දෙකු (RD) වෙතින් විදේශ මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකර දින 90 කට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත නොහැක.

ශ්‍රී ලංකාවෙන් පිටත උපයා ගත් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකර හෝ විදේශ මුදල් ගිණුමකට බැර නොකර දින 90 කට වඩා වැඩි කාලයක් රඳවා තබා ගත නොහැක.

 
විදේශ මුදල් ආනයනය හා අපනයනය

විදේශ මුදල් ආනයන හා අපනයන

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන හෝ පැමිණෙන පුද්ගලයින්

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන හෝ පැමිණෙන පුද්ගලයින්ට, මුදල් නෝට්ටු, බැංකු කෙටුම්පත්, චෙක්පත්, සංචාරක කාඩ්පත් වැනි ඕනෑම විදේශ මුදල් ප්‍රමාණයක් රැගෙන යා හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කළ යුතුය.

එම මුදල ඇමරිකානු ඩොලර් 15,000 ක් හෝ වෙනත් විදේශ මුදල් වලින් සමාන මුදලක් ඉක්මවන්නේ නම්; හෝ

ඔහු / ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඇමරිකානු ඩොලර් 10,000 ක් හෝ වෙනත් විදේශ මුදල් වලින් සමාන මුදලක් හෝ ඊට වැඩි විදේශ මුදල් නෝට්ටු ආපසු ලබා ගැනීමට අදහස් කරන්නේ නම්.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන්

ශ්‍රී ලංකාවේ සිටින හෝ පදිංචිව සිටින පුද්ගලයින්ට ශ්‍රී ලංකාවෙන් රුපියල් 20,000 ක් වටිනා ශ්‍රී ලංකා මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමට හෝ ගෙන ඒමට ඉඩ තිබේ.

බලයලත් වෙළඳුන්

බලයලත් වෙළෙඳුන්ට ඔවුන්ගේ ව්‍යාපාරයේ සාමාන්‍ය ස්භාවය මත සහ ඔහුගේ අවසරය යටතේ ලබාගෙන ඇති විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ආනයනය කිරීම සිදු කළ හැකිය.