2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා පරිසීමිත වෙළෙන්දෙකු ලෙස පත් කර ගැනීමට අවශය අයදුම්පත

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා පරිසීමිත වෙළෙන්දෙකු ලෙස පත් කර ගැනීමට අවශය අයදුම්පත (සීමිත සමාගම් සඳහා)

Application to be appointed as Restricted Dealers (RDs) to engage in money changing business under the Foreign Exchange Act, No. 12 of 2017

APPLICATION TO BE APPOINTED AS RESTRICTED DEALERS (RDs) TO ENGAGE IN MONEY CHANGING BUSINESS UNDER THE FOREIGN EXCHANGE ACT, NO. 12 OF 2017 (For Limited Companies)

හැඳින්වීම

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ  4(2)(a) , 4(2)(b) වගන්ති වලට අනුව සහ එම පනතෙහි වගන්ති 09  හි සඳහන් ප්‍රතිපාදනයන්ට යටත්ව පරිසීමිත වෙළෙඳුන් හට විදේශ විනිමය වෙළෙඳාමෙහි නිරත වීම සඳහා බලය ලබා දී ඇත.

ඒ අනුව, පරිසීමිත වෙළෙඳුන් හට පහත කාර්යයන් සඳහා අවසර ලබා දී ඇත.

  • ශ්‍රී ලංකා රුපියල් ලබා දී විදේශ මුදල් මිලට ගැනීමට
  • එක් විදේශ මුදල් වර්ගයක් ඕනෑම තවත් විදේශ මුදල් වර්ගයක් සමග හුවමාරු කිරීමට (හෝටල් හැර) සහ
  • තෝරාගත් පරිසීමිත වෙළෙඳුන් හට පමණක් ශ්‍රී ලංකා රුපියල් ලබාගෙන විදේශ මුදල් විකිණීමට

 

 

බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන්

විදේශ මුදල් මිළදී ගැනීමට, හුවමාරු කිරීමට සහ විකිණීමට අවසර ලබා ඇති බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන්

සියළුම ශාඛා විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරතවීමට අවසර ලබා ඇති අතර, ප්‍රධාන කාර්යාලයන්හි තොරතුරු පහත දැක්වේ.

බැංකුවේ නම ලිපිනය දුරකථන අංකය
අමානා බෑන්ක් පී.එල්.සී නො. 480, ගාලු පාර, කොළඹ 03 +94 11 7756000
ලංකා බැංකුව “ලංකා බැංකු”, නො. 01, ලංකා බැංකු මාවත, කොළඹ 01 +94 11 2446790-811
කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් 696, ගාලු පාර, කොළඹ 03

+94 11 7640000

+94 11 7640502

සිටි බෑන්ක් එන්.ඒ නො. 65C, ධර්මපාල මාවත, කොළඹ 07 +94 11 2447316-8
කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී කොමර්ෂල් නිවස, නො. 21, සර් රාසික් ෆරීඩ් මාවත, කොළඹ 01 +94 11 2486000-3
ඩොයිෂ් බෑන්ක් ඒ.ජී නො. 86, ගාලු පාර, කොළඹ 03 +94 11 2447062-6
ඩී.එෆ්.සී.සී. බෑන්ක් පී.එල්.සී 73/5, ගාලු පාර, කොළඹ 03 +94 11 2442442
හබීබ් බෑන්ක් ලිමිටඩ් නො. 70A, ධර්මපාල මාවත, කොළඹ 07 +94 11 2326565
හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී නො. 479, ටී.බී. ජායා මාවත, කොළඹ 10 +94 11 2664664
ද හොංකොං ඇන්ඩ් ෂැන්ග්හයි බෑන්කින් කෝපරේෂන් ලිමිටඩ් නො. 24, සර් බාරෝන් ජයතිලක මාවත, කොළඹ 01 +94 11 2446591
ඉන්දියන් බෑන්ක් නො. 57, සර් බාරෝන් ජයතිලක මාවත, කොළඹ 01 +94 11 2323402
ඉන්දියන් ඕවර්සීස් බෑන්ක් නො. 139, කෙලින්වීදිය, කොළඹ 01 +94 11 5324422
එම්.සී.බී. බෑන්ක් ලිමිටඩ් නො. 08, ලේඩන් බැස්ටියන් පාර, කොළඹ 01 +94 11 2448765/6
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී නො. 40, නවම් මාවත, කොළඹ 02 +94 11 2448448
නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පී.එල්.සී නො. 242, යූනියන් පෙදෙස, කොළඹ 02 +94 11 4313131
පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී.එල්.සී නො. 450, ගාලු පාර, කොළඹ 03 +94 11 2565565
මහජන බැංකුව නො. 75, සර්. චිත්තම්පලම් ඒ. ගාර්ඩිනර් මාවත, කොළඹ 03 +94 11 2327841-6
පබ්ලික් බෑනක් බහාර්ඩ් නො. 340, ආර්.ඒ.ඩී.මෙල්. මාවත, කොළඹ 02 +94 11 2576289-92
සම්පත් බෑන්ක් පී.එල්.සී නො. 110, සර්. ජේමිස් පීරිස් මාවත, කොළඹ 02 +94 11 4730630
සෙලාන් බෑනක් පී.එල්.සී නො. 90, ගාලු පාර, කොළඹ 03 +94 11 2456789
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව නො. 37, යෝර්ක් වීදිය, කොළඹ 01 +94 11 2480000
ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා නො. 16, සර් බාරෝන් ජයතිලක මාවත, කොළඹ 01 +94 11 2326133-5
යූනියන් බෑන්ක් ඔෆ් කලම්බු පී.එල්.සී නො. 64, ගාලු පාර, කොළඹ 03 +94 11 2316005

 

බලපත්‍රලාභී විශේෂිත බැංකු
ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉතිරිකිරීමේ මන්දිරය, නො. 255, ගාලු පාර, කොළඹ 03
දුක:
+94 11 2372184
ෆැක්ස්: +94 11 2375254
සණස සංවර්ධන බැංකුව පී.එල්.සී නො. 12, එඩ්මන්ටන් පාර, කිරුලපන, කොළඹ 06
දුක:
+94 11 2832547
ෆැක්ස්: +94 11 2512039

අනුමත ශාඛා සඳහා විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරතවීමට අවසර ලබා ඇති අතර, ප්‍රධාන කාර්යාලයන්හි තොරතුරු පහත දැක්වේ. 

බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන්ගේ නම ලිපිනය දුරකථන අංකය
ලියාපදිංචි මූල්‍ය සමාගම්
සිටිසන්ස් ඩිවලප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී නො.123, ඔරබිපාෂා මාවත, කොළඹ 10
දුක:
+94 11 7388388
ෆැක්ස්: +94 11 2429888
ලංකා ට්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. නො. 76, එස් ද එස් ජයසිංහ මාවත, කොහුවල, නුගේගොඩ
දුක:
+94 11 2825404
ෆැක්ස්: +94 11 2825406
ඒෂියා  ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී අංක 76, පාර්ක් වීදිය, කොළඹ 02
දුක:       +94117699000 
ෆැක්ස්:     
එල් බී ෆිනෑන්ස් පී.එල්.සී 275/75, ස්ටැන්ලි විජේවර්ධන මාවත, කොළඹ 07
දුක:
+94 11 2631631
ෆැක්ස්: +94 11 2631006
සෙoකඩගල ෆිනෑන්ස් පී.එල්.සී 2වන මහල, නො. 267, ගාලු පාර, කොළඹ 03
දුක:
+94 11 2301301
ෆැක්ස්: +94 11 2301937
සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී.එල්.සී නො. 331, පළමු මහල, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත, කොළඹ 02
දුක:
+94 11 2303717
ෆැක්ස්: +94 11 2303715

හෝටල්

 සිනමන් බෙන්තොට බීච්  සිනමන් බෙන්තොට බීච්, බෙන්තොට
දුක:            +94 34 2275176
ෆැක්ස්:                                        
 හික්කා ට්‍රාන්ස් බයි සිනමන්  හික්කා ට්‍රාන්ස් බයි සිනමන්, තැ.පෙ. 01, ගාලු පාර, හික්කඩුව
දුක:            +94 91 2278000
ෆැක්ස්:                                        
 සිනමන් බේ බේරුවල  සිනමන් බේ බේරුවල, මොරගොල්ල, බේරුවල
දුක:            +94 34 2297000
ෆැක්ස්:                                        
 සිනමන් ග්‍රෑන්ඩ්  සිනමන් ග්‍රෑන්ඩ්, 77, ගාලු පාර, කොළඹ 03
දුක:            +94 11 2437437
ෆැක්ස්:                                        
 සිනමන් ලේක්සයිඩ්  සිනමන් ලේක්සයිඩ්, 115, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02
දුක:            +94 11 2491000
ෆැක්ස්:                                        
 සිනමන් වයිල්ඩ් යාල  සිනමන් වයිල්ඩ් යාල, තැ. පෙ. 1, කිරින්ද, තිස්සමහාරාම
දුක:            +94 47 2239449
ෆැක්ස්:                                        
 ට්‍රින්කො බ්ලූ බයි සිනමන්  ට්‍රින්කො බ්ලූ බයි සිනමන්, උප්පවේලි, ත්‍රිකුනාමලය
දුක:            +94 26 2222307
ෆැක්ස්:                                        
 හබරණ විලේජ් බයි සිනමන්  හබරණ විලේජ් බයි සිනමන්, තැ.පෙ. 01, හබරණ
දුක:            +94 66 2270047
ෆැක්ස්:                                        
 සිනමන් ලො(ඩ්)ජ් හබරණ  සිනමන් ලො(ඩ්)ජ් හබරණ, තැ.පෙ. 02, හබරණ
දුක:            +94 66 2270047
ෆැක්ස්:                                        
 සිනමන් සිටාඩෙල් කැන්ඩි  සිනමන් සිටාඩෙල් කැන්ඩි, 124, ශ්‍රීමත් කුඩා රත්වත්තේ මාවත, මහනුවර
දුක:            +94 81 2234365
ෆැක්ස්:                                        
 සිනමන් රෙඩ් කළම්බු  සිනමන් රෙඩ් කළම්බු, අංක 59, කුමාරස්වාමි මාවත, කොළඹ 03
දුක:            +94 11 2145145
ෆැක්ස්:                                        
පර්ල් සිටි හෝටල් (පුද්) සමාගම අංක 17, බෞද්ධාලෝක මාවත, කොළඹ 04
දුක:            +94 11 4523800
ෆැක්ස්:
 ෂැංග්‍රි-ලා හොටෙල් කළම්බු  ෂැංග්‍රි-ලා හොටෙල් කළම්බු, අංක 01, මැද පාර, කොළඹ 02
දුක:            +94 11 7888288
ෆැක්ස්:                                        
ෂැංග්‍රිලා හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා සිට්ටුකලා වත්ත, චිත්‍රගල, අම්බලන්තොට
දුක:
+94 47 7888888
ෆැක්ස්: +94 47 7634014

බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන්ගේ නම ලිපිනය දුරකථන අංකය
රවී ෆොරෙක්ස් (පුද්.) සමාගම නො. 115, හෙට්ටි වීදිය, කොළඹ 11
දුක:
+94 11 2436358
ෆැක්ස්: +94 11 2471966
ජුවෙල් ලංකා මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 188, කෙලින්වීදිය, මීගමුව
දුක:            +94 31 2224419
ෆැක්ස්:        +94 312238544
අරුජිනා ජුවලරි (පුද්.) සමාගම නො. 42, හෙට්ටි වීදිය, කොළඹ 11
දුක:            +94 11 2440042
ෆැක්ස්:        +94 11 2387606
මෙට්‍රො ෆොරෙක්ස් (පුද්.) සමාගම නො. 192, කෙලින්වීදිය, මීගමුව
දුක:            +94 31 2222202
ෆැක්ස්:        +94 312222202
තෝමස් කුක් ලංකා (පුද්.) සමාගම බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල, කටුනායක.
දුක:

+94 11 4832881(පැමිණීමේ)

+94 11 4833784 (පිටවීමේ)

ෆැක්ස්: +94 11 4832881

විදේශ මුදල් මිළදී ගැනීමට හා හුවමාරු කිරීමට අවසර ලබා ඇති බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන්

බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන්ගේ නම ලිපිනය දුරකථන අංකය
ආබ්දීන් මනි චේන්ජර්ස් (පුද්.) සමාගම නො. 47, රෝහල් වීදිය, කොළඹ 01
දුක:
+94 11 2447431
ෆැක්ස්: +94 11 2344657
අභිලාශ් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 20, දුම්රියපොල පාර, ජා-ඇල
දුක:
ෆැක්ස්:
ආරියවංස එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම නො: 27, නුවර පාර, කිරිබත්ගොඩ.
දුක:             +94 11 4375185
 
ඒෂියන් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො.92, චැතම් වීදිය, කොලඹ 01
දුක: +94 77 3869841
ෆැක්ස්:  
එම්.පී. මනි චේන්ජර්ස් (පුද්ගලික) සමාගම නො: 32බී, කොළඹ පාර, ගම්පහ.
දුක:            +94 33 2226018
 

බුලියන් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම

නො. 210, ප්‍රධාන වීදිය, කොළඹ 11   
දුක: +94 11 2430640
ෆැක්ස්: +94 11 4722559
කැපිටල් එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 54, රෝහල් වීදිය, කොළඹ 01
දුක: +94 11 2473220
ෆැක්ස්: +94 11 2473220
කළම්ඹු මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - ප්‍රධාන කාර්යාලය නො. 65, ගාලු පාර, වැල්ලවත්ත, කොළඹ 06
දුක: +94 11 2438626
ෆැක්ස්: +94 11 2430492
කළම්ඹු මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - කොලඹ 01 නො. 96, චැතම් වීදිය, කොලඹ 01
දුක:  
ෆැක්ස්:                                        
සෙන්ට්‍රල් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො: 79, හේමාස් බිල්ඩින්, යෝර්ක් වීදිය, කොළඹ 01
දුක:
ෆැක්ස්:
සිටි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - ප්‍රධාන කාර්යාලය නො.92, යෝර්ක් වීදිය, කොළඹ 01
දුක:           +94 11 2432322
ෆැක්ස්:       +94 11 2390935
දයා ඕතරයිස්ඩ් මනි චේන්ජර් (පුද්ගලික) සමාගම නො: 112, හෙට්ටි වීදිය, කොළඹ 11.
දුක:            +94 11 2320345
 
දැඩිගම ගෘප් (පුද්.) සමාගම නො. 12, දෙහිවල පාර, මහරගම
දුක: +94 11 2840391
ෆැක්ස්: +94 11 2840391
දේවි ෆොරෙක්ස් (පුද්.) සමාගම නො. 131, හෙට්ටි වීදිය, කොළඹ 11
දුක:            +94 11 2388757
ෆැක්ස්:        +94 11 2327101
ඩේටා එක්ස්චේන්ජ් ඉන්ටර්නැෂනල් පුද්. සමාගම නො. 78,80, බ්‍රිස්ටල් බිල්ඩින්, සර් බාරෝන් ජයතිලක මාවත, කොළඹ 01
දුක: +94 11 2390900
ෆැක්ස්: +94 11 2390903
ජෝර්ජ් මයිකල් හොල්ඩින්ස් (පුද්.) සමාගම නො. 157, හලාවත පාර, වෙන්නප්පුව
දුක: +94 31 2249779
ෆැක්ස්: +94 31 2249780
ග්ලෝබල් විලේජ් එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 215, කෙලින්වීදිය, මීගමුව
දුක: +94 31 2236744
ෆැක්ස්: +94 31 2222907
ගෝල්ඩන් මනි චේන්ජර් (පුද්.) සමාගම නො. 41, මුදලිගේ මාවත, කොළඹ 01
දුක: +94 11 2451070
ෆැක්ස්: +94 11 2321899
ගෝල් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - ප්‍රධාන කාර්යාලය නො.71, සමුද්‍ර මාවත, ගාල්ල
දුක:
ෆැක්ස්:
ගෝල් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - ගාල්ල කොටුව නො. 80, ලයින් බාන් මාවත, කොටුව, ගාල්ල
දුක:
ෆැක්ස්:
ගෝල්ඩ් ලංකා ජුවලරි (පුද්.) සමාගම නො. 196, කෙලින්වීදිය, මීගමුව
දුක:           +94 31 2234100
ෆැක්ස්:
හයිෆා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් (පුද්.) සමාගම නො.53A, බ්‍රිස්ටල් පැරඩයිස් ගොඩනැගිල්ල, යෝර්ක් වීදිය, කොළඹ 01
දුක:
ෆැක්ස්:
ඉන්ටර්නැෂනල් එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 53B, යෝර්ක් වීදිය, කොළඹ 01
දුක:  
ෆැක්ස්:  
ජායෙස් ඉන්වෙස්ට්මන්ට්ස් සීමාසහිත සමාගම නො: 104, බංගසාල වීදිය, කොළඹ 11
දුක:            +94 11 2323783
 
කේසර් එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 147, කේසර් වීදිය, කොළඹ 11
දුක: +94 11 2459139
ෆැක්ස්: +94 11 2472221
ක්‍රවුන් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 56, මුදලිගේ මාවත, කොළඹ 01
දුක:            +94 11 2472957
ෆැක්ස්:        +94 11 2472956
වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම නො: 195, ගාලු පාර, වැල්ලවත්ත, කොළඹ 06
දුක:            
 ෆැක්ස්:
මරුති මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - ප්‍රධාන කාර්යාලය නො. 315, ගාලු පාර, වැල්ලවත්ත, කොළඹ 06
දුක: +94 11 2362086
ෆැක්ස්: +94 11 2362086
මරුති මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - යාපනය නො. 388, රෝහල් වීදිය, යාපනය
දුක:  
ෆැක්ස්:                                        
මයුරි මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 240, කෙලින්වීදිය, මීගමුව
දුක: +94 31 2239389
ෆැක්ස්:  
මිලානෝ මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 108, හලාවත පාර, වෙන්නප්පුව
දුක: +94 31 2253970
ෆැක්ස්: +94 31 2253970
තෝමස් කුක් ලංකා (පුද්ගලික) සමාගම - මහනුවර කේ9, පළමු මහල, කැන්ඩි සිටි සෙන්ටර්, දළදා වීදිය, මහනුවර.
දුක:             +94 81 2205811
 ෆැක්ස්
තෝමස් කුක් ලංකා (පුද්ගලික) සමාගම - කළම්බු සිටි සෙන්ටර් ඒකක නො: ආර් ටී.00.13.01, බිම් මහල, කළම්බු සිටි සෙන්ටර්, කොළඹ 02.
දුක:             +94 11 7898390
 ෆැක්ස්
තෝමස් කුක් ලංකා (පුද්ගලික) සමාගම - වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය එල් ජී 34, වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය, නො: 1, මධ්‍යම පාර, ගාලුමුවදොර, කොළඹ 02.
දුක:             +94 11 7011221
 ෆැක්ස්
නර්මතා ගෝල්ඩ් සෙන්ටර් (පුද්.) සමාගම  නො. 169, පවර් හවුස් පාර, යාපනය
දුක: +94 21 2221933
ෆැක්ස්: +94 21 2224779
නර්මතා ගෝල්ඩ් සෙන්ටර් (පුද්.) සමාගම - කිලිනොච්චි A9 පාර, අධිකරණය සංකීර්ණය ඉදිරිපස, කිලිනොච්චිය
 දුක:
 ෆැක්ස්
නව නාතාෂා (පුද්.) සමාගම නො. 15, සාප්පු සංකීර්නය, වෙන්නප්පුව
දුක: +94 31 2253120
ෆැක්ස්:  
නිව් රීගල්ස් මනි චේන්ජ් (පුද්.) සමාගම නො. 110, කෙලින්වීදිය, කුරුනෑගල
දුක: +94 37 2224447
ෆැක්ස්: +94 37 2232639
පුෂ්පා මනි චේන්ජ් (පුද්.) සමාගම නො. 67, ග්‍රීන්ස් පාර, මීගමුව
දුක: +94 31 2236998
ෆැක්ස්: +94 31 2234501
රිවිඳු එන්ටර්ප්‍රයිසස් (පුද්.) සමාගම නො. 378, මීගමුව පර, වත්තල
දුක: +94 11 2946996
ෆැක්ස්:  
රෝයල් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - ප්‍රධාන කාර්යාලය නො. 51/C, යෝර්ක් වීදිය, කොළඹ 01
දුක: +94 11 2331824
ෆැක්ස්: +94 11 2395834
රෝයල් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම – කොළඹ 06 නො. 55, ගාලු පාර, කොළඹ 06
දුක: +94 11 2587107
ෆැක්ස්: +94 11 2555488
රෝයල් මනි මාර්ට් (පුද්.) සමාගම - ප්‍රධාන කාර්යාලය නො. 132/1, ගාලු පාර, අළුත්ගම
දුක: +94 34 2275209
ෆැක්ස්: +94 34 4289144
රෝයල් මනි මාර්ට් (පුද්.) සමාගම - කොලඹ 01 නො. 119, චැතම් වීදිය, කොලඹ 01
දුක:  
ෆැක්ස්:                                        
ෂිෆාස් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම නො. 51, බ්‍රිස්ටල් පැරඩයිස් බිල්ඩිම, යෝර්ක් වීදිය, කොළඹ 01
දුක:          +94 11 2344168
ෆැක්ස්: +94 11 2327888
යුනික් ෆොරෙක්ස් (පුද්ගලික) සමාගම නො: 09, කොටුව පාර, හලාවත.
දුක:            +94 32 2222300
 ෆැක්ස්
ස්විස් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම - ප්‍රධාන කාර්යාලය නො. 51B, යෝර්ක් වීදිය, කොළඹ 01
දුක: +94 11 2448115
ෆැක්ස්: +94 11 2445538
ස්විස් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම – කොළඹ 06 නො. 87A, ගාලු පාර, කොළඹ 06
දුක: +94 11 2555551
ෆැක්ස්: +94 11 2555551
වින්ඩ්සර් මනි එක්ස්චේන්ජ් (පුද්.) සමාගම. නො. 337, ගාලු පාර, වැල්ලවත්ත, කොළඹ 06
දුක: +94 11 2421328
ෆැක්ස්: +94 11 2390903

 

 

 

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 4 (2) (අ) සහ 4 (2) (ආ) වගන්ති යටතේ පරිසීමිත වෙළෙන්දකු ලෙස මුදල් හුවමාරු කිරීමේ අවසරපත්‍රයක් ලබා ගැනීම

1. සීමිත සමාගමක් ලෙස සංස්ථාපිත සමාගම්

(බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ලියාපදිංචි මූල්‍ය සමාගම්/ විශේෂිත කල්බදු සමාගම් සහ හෝටල් හැර)

A.නිර්ණායක

1. අවම ප්‍රාග්ධනය :

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සීමිත පුද්ගලික සමාගමක් විසින් මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යායුතු අතර සමාගමට රුපියල් මිලියන 15 කට නොඅඩු ප්‍රකාශිත ප්‍රාග්ධනයක් ඒ සඳහා තිබිය යුතුය. සමාගමට ශාඛා විවෘත කල හැකි අතර,අතිරේක ප්‍රාග්ධන අවශ්‍යතාවයකින් තොරව ශාඛා 2ක් ආරම්භ කළහැක. ඉන් එක් ශාඛාවක් බස්නාහිර පළාතින් පිටත ආරම්භ කළයුතු අතර ශාඛා දෙකකට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කරන්නේ නම් එක් එක් ශාඛාවක් සඳහා රුපියල් මිලියන 5 බැගින් වන අමතර ප්‍රාග්ධනයකට යටත්ව අවසර ලබාගත හැක.

2. අධ්‍යක්ෂවරුන්, මූලික කොටස් හිමියන්, අවසන් අර්ථලාභී අයිතිකරුවන් සහ කාර්ය මණ්ඩලය :

  1. අධ්‍යක්ෂවරුන්, මූලික කොටස් හිමියන්, අවසන් අර්ථලාභී අයිතිකරුවන් සහ කාර්ය මණ්ඩලය මුදල් හුවමාරු කිරීමේ කටයුත්තෙහි  නිරතවීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්වලින්, ව්‍යාපාරික පළපුරුද්දෙන් සහ හුවමාරු  ගනුදෙනුවලට සම්බන්ධ අතීත වාර්තා වලින්   යෝග්‍ය පුද්ගලයෙකු විය යුතුය.

  2. සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ආදායම් බදු ගෙවන්නන් විය යුතු අතර වාර්ෂිකව අවම වශයෙන් රු. 60,000 කට නොඅඩු බදු ගෙවීමක් කර තිබිය යුතුය. (අයදුම්පත සමග මෑත අවුරුද්දේ එසේ ගෙවන ලද බදු මුදල්වලට අදාල ලිඛිත සාධක ඉදිරිපත් කළයුතු වේ.)  සමාගමේ අධ්‍යක්ෂවරුන් උපයන විට ගෙවීමේ බදු (PAYE TAX) ගෙවන්නේ නම්, එය ආදායම් බදු ලෙස සැලකිය හැකිය.

3. වාර්ෂික පිරිවැටුම :

කාල පරිච්ඡේදය

(ලිත් වර්ෂ පදනමක් මත)

එක් ශාඛාවක් සඳහා අවම වාර්ෂික පිරිවැටුම් අවශ්‍යතාවය (ඇ.එ.ජ. ඩොලර්)

මිලදී ගැනීම සඳහා

විකිණීම සඳහා *

පළමු අවුරුදු දෙක සඳහා (පළමු අවුරුද්ද අනුපාතානුකූල පදනම මත සළකයි)

1,000,000

3,000,000

3 වන සහ 4 වන අවුරුදු සඳහා

1,500,000

4,000,000

5 වන අවුරුද්දේ සිට ඉදිරියට

2,000,000

7,000,000

*එක් ගණුදෙනුවක උපරිම සීමාව එ.ජ.ඩොලර් 5,000 කට සීමා වේ.

යම් සමාගමකට අදාල පිරිවැටුම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත්, පවතින මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රයේ වලංගු කාලය අවසානයේදී ඉදිරි අවුරුද්ද සඳහා මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රයක් ලබා ගැනීමට එම සමාගම සුදුසුකම් නොලබයි.

4. ව්‍යාපාරය:

විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සමාගමේ ප්‍රාථමික අරමුණක් විය යුතුය.

5.ව්‍යාපාරික ස්ථානය

ව්‍යාපාරික ස්ථානය, මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සුදුසු වියයුතුය.  විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයට අදාල සියළු කටයුතු එම ව්‍යාපාරික කටයුත්ත සඳහාම පමණක් යොදා ගන්නා වෙන් කරන ලද කවුළුවක් තුළ වෙනම පවත්වාගෙන යා යුතු අතර එය ව්‍යාපාරික ස්ථානයේ අනෙකුත් ව්‍යාපාරික කටයුතු වලින් භෞතික වශයෙන් ද වෙන්ව පවත්වාගෙන යායුතුය.  මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුත්ත, ව්‍යාපාරික ස්ථානයේ අනෙක් ව්‍යාපාරයන් සමග ඒකාබද්ධ නොකළ යුතුය.

6.බැංකු ගිණුම්

විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතුවලින් මිලදී ගත් විදේශ මුදල්, වැඩ කරන දින පහක් ඇතුළත බැංකුවක තැන්පත් කිරීම සඳහා වෙනම බැංකු ගිණුමක් බලපත්‍රලාභී වානිජ බැංකුවක විවෘත කළයුතුය.

7.ස්වයංක්‍රියකරණය/පරිගණකකරණය

ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා සුදුසු මෙහෙයුම් මෘදුකාංග ස්ථාපනය කිරීම මගින් ස්වයංක්‍රීයකරණය කරන ලද පද්ධතියක් ක්‍රියාත්මක කිරීම කළයුතු අතර, එයට ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන බිල්පත් මුද්‍රණය කිරීම, දෛනික ගෙවුම් තුලන ප්‍රකාශනයන් සහ මිලදී ගැනීමේ ලේඛනය පවත්වාගෙන යාම සහ ගනුදෙනු සහ තැන්පතුවලට අදාල මාසික ප්‍රකාශනයක් පිළියෙල කිරීම ද ඇතුලත් විය යුතුය.

අනෙකුත් අවශ්‍යතාවයන්/නියමයන් සහ කොන්දේසි

  1.  විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් මුදල් හුවමාරු කිරීමේ කටයුතු ඇමුණුමේ අප විසින් ලබා දී ඇති විස්තරයන්ට අනුව ස්ථාපනය කර ඇති CCTV ආරක්ෂණ කැමරා පද්ධතියක් හරහා නිරීක්ෂණය කරනු ලබයි. 
  2. CCTV ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම සහ ස්වයංක්‍රියකරණය/පරිගණකකරණය කිරීම සඳහා යන පිරිවැය ආවරණය කිරීම සඳහා සමාගමේ රු. මිලයන 15ක් වන ප්‍රකාශිත ප්‍රාග්ධනය යොදාගත හැකිය.
  3.  මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රය ලබා දීමට පෙර අවශ්‍ය පරිදි CCTV ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම සහ පරිගණකකරණය නිසි පරිදි කර තිබේ ද යන්න පරීක්ෂා කරනු ලැබේ.
  4. ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන්ට අමතරව අවශ්‍ය නම් තවත් කොන්දේසි සහ නියමයන් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතියක් ඇත. 

B.ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන ලියකියවිලි

  1. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත නිවැරදි ලෙස පිළිගන්නේ නම් සමාගම විසින් ඉහත සඳහන් නිර්ණායකයන්ට තම එකඟතාවය දක්වන ප්‍රකාශනයක් අන්තර්ගත වන ලිපියක්.
  2. සමාගම ගනුදෙනු සිදුකරන බැංකුකරු/බැංකුකරුවන්ගෙන් එම සමාගම බැංකුව සමග පවත්වාගෙනයන යන සම්බන්ධතාවය කෙබඳුද යන්න පිලිබඳව සහ බැංකුව සමඟ පවත්වාගෙන යන ගිනුම්වල තත්වයන් පිලිබඳ බැංකුකරු/බැංකුකරුවන්ගෙන් අදහස් දැක්වෙන  ලිපියක් අධ්‍යක්ෂ / විදේශ විනිමය දෙපාර්තමේන්තුව නමින් එවිය යුතුයි. සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලුම බැංකු ගිනුම් පිලිබඳව සම්පූර්ණ විස්තරයක් සහ පසුගිය මස අවසානය වන විට එම ගිනුම්වල ශේෂය පිලිබඳ සහතිකයක්ද මේ සමඟ එවිය යුතුය. (සමාගම නමින් වාණිජ බැංකුවක/බැංකුවල ගිනුම් පවත්වාගෙන නොයන්නේනම් ඉහත විස්තර සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධව ඉදිරිපත් කල යුතුයි)
  3.  මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය ඇරඹීමට යෝජිත ස්ථානය/යන්හි පිහිටීම පිළිබඳව විස්තරාත්මක විස්තරයක්.
  4. සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ, මූලික කොටස් හිමියන්ගේ, අවසන් අර්ථලාභී අයිතිකරුවන්ගේ සහ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරත කිරීමට අදහස් කරන සේවකයන්ගේ අධ්‍යාපනික, වෘත්තීමය සහ  ව්‍යාපාරික පසුබිම පිළිබඳ විස්තරාත්මක තොරතුරු.
  5. සමාගමේ වත්කම් (චංචල සහ නිශ්චල) සහ වගකීම් පිළිබඳව එම වත්කම් සහ වටිනාකම්වල වටිනාකම් ද ඇතුලත්ව සම්පූර්ණ විස්තරයක්. (අළුතින් ස්ථාපනය කරන ලද සමාගම් සඳහා පමණක් අදාළ වේ)
  6. පසුගිය වර්ෂ තුන සඳහා වන සමාගමේ විගණනය කරන ලද ගිණුම්/මූල්‍ය ප්‍රකාශන (අළුතින් ස්ථාපනය කරන ලද සමාගම් සඳහා අදාළ නොවේ)
  7. අවම වශයෙන් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් ආදායම් බදු ගෙවන ලද බව දැක්වෙන නවතම වාර්තාවක්
  8. සමාගම සංස්ථාපනය කිරීම සඳහා අදාල ලියකියවිලිවල සහතික කරන ලද පිටපත් [සමාගම සංස්ථාපනය කරන ලද බව දැක්වෙන සහතිකය, පෝරම 1, පෝරම 6, සමාගම් ව්‍යවස්ථාව, පෝරම 20 (අදාළ නම් පමණි), පෝරම 13 (අදාළ නම් පමණි)යනාදිය. ]
  9. සමාගමේ ලේකම් විසින් සමාගමේ කොටස් හිමිකාරිත්වය සම්බන්ධ ව්‍යුහයක් ද ඇතුලත්ව සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සම්බන්ධව ලබාදෙන තහවුරුවක්,
  10. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරතවීම, සමාගමේ ප්‍රාථමික අරමුණක් බව දක්වන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහතික කරන ලද යෝජනා සම්මුතියක් සහ එයට අදාල පෝරම 39 (අදාළ නම් පමණි).
  11. සමාගමේ ස්වංක්‍රීය පද්ධතිය පිළිබඳ විස්තර
  12. අවම වශයෙන් පළමු වසර තුනක කාලයක් සඳහා ඉලක්ක ගත පිරිවැටුම ආවරණය කර ගැනීමේ ව්‍යාපාරික ඉදිරි දැක්ම ඇතුළත් ලියවිල්ලක් (බැංකුවේ තැන්පත් කිරීමට බලාපොරොත්තු වන විදේශ මුදල් ප්‍රමාණය)

2බලපත්‍රලාභී මූල්‍ය සමාගම් /විශේෂිත කල්බදු ආයතන

නිර්ණායක

  1. 1.   ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් වීම : බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු ආයතනයන් පිලිවෙළින් 2011 අංක 42 දරණ ව්‍යාපාර මූල්‍ය පනත (මෙය 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත ලෙස මීට ඉහතදී භාවිතා විය.) සහ 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචි විය යුතුය.
  • ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන්ට අමතරව අවශ්‍ය නම් තවත් කොන්දේසි සහ නියමයන් පැනවීමට ඇති අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන ලියකියවිලි

  1. අවසන් වසර 3 සඳහා සමාගමේ මූල්‍ය වාර්තා
  2. වාර්ෂික බලපත්‍ර ගාස්තු ගෙවූ බවට නිකුත් කරන ලද ලදුපතෙහි පිටපතක්
  3. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරතවීම, සමාගමේ ප්‍රාථමික අරමුණක් බව දක්වන අධ්‍යක්ෂක මණ්ඩලයේ සහතික කරන ලද යෝජනා සම්මුතියක්
  4. ශාඛා කේතයන් (අංක තුනකින් සමන්විත වන ) සහ ලිපිනයන් ද සමග සමාගමේ දැනට පවතින ශාඛා නාමාවලිය
    1. විදේශ මුදල් වර්ග සමග සමාගම විසින් විදේශ මුදල් ගිණුම/ ගිණුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බැංකු කරුගේ විස්තර

 

3.හෝටල්

නිර්ණායක

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග ලියාපදිංචි වීම

  1. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ, සංචාරක හෝටලයක් ලෙස ලියාපදිංචි වූ සීමිත සමාගමක් විය යුතුය.

අනෙකුත් අවශ්‍යතාවයන්

  1. සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය අවම වශයෙන් රු. මිලියන 10ක් විය යුතුය.
  2. ව්‍යාපාරික ස්ථානය, මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සුදුසු විය යුතුය. විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයට අදාල සියළු කටයුතු එම ව්‍යාපාරික කටයුත්ත සඳහාම පමණක් යොදා ගන්නා වෙන් කරන ලද කවුළුවක් තුල වෙනම පවත්වාගෙන යා යුතු අතර එය ව්‍යාපාරික ස්ථානයේ අනෙකුත් ව්‍යාපාරික කටයුතු වලින් භෞතික වශයෙන් ද වෙන්ව පවත්වා ගෙන යා යුතුය. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුත්ත, ව්‍යාපාරික ස්ථානයේ අනෙක් ව්‍යාපාරයන් සමග ඒකාබද්ධ නොකළ යුතුය.
  3. ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන්ට අමතරව අවශ්‍ය නම් තවත් කොන්දේසි සහ නියමයන් පැනවීමට ඇති අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන ලියකියවිලි

  1. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත නිවැරදි ලෙස පිළිගන්නේ නම් සමාගම විසින් ඉහත සඳහන් නිර්ණායකයන්ට තම එකඟතාවය දක්වන ප්‍රකාශයක් අන්තර්ගත වන ලිපියක්
  2. සමාගම ගනුදෙනු සිදුකරන බැංකුකරු/බැංකුකරුවන්ගෙන් එම සමාගම බැංකුව සමග පවත්වාගෙනයන යන සම්බන්ධතාවය කෙබඳුද යන්න පිලිබඳව සහ බැංකුව සමඟ පවත්වාගෙන යන ගිනුම්වල තත්වයන් පිලිබඳ බැංකුකරු/බැංකුකරුවන්ගෙන් අදහස් දැක්වෙන  ලිපියක් අධ්‍යක්ෂ / විදේශ විනිමය දෙපාර්තමේන්තුව නමින් එවිය යුතුයි. සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලුම බැංකු ගිනුම් පිලිබඳව සම්පූර්ණ විස්තරයක් සහ පසුගිය මස අවසානය වන විට එම ගිනුම්වල ශේෂය පිලිබඳ සහතිකයක්ද මේ සමඟ එවිය යුතුය. (සමාගම නමින් වාණිජ බැංකුවක/බැංකුවල ගිනුම් පවත්වාගෙන නොයන්නේනම් ඉහත විස්තර සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධව ඉදිරිපත් කල යුතුයි)
  3. අදාල හෝටලය විසින් විදේශ මුදල් තැම්පත් කිරීමට බලාපොරොත්තු වන සියළුම බැංකු ගිණුම් පිළිබඳ විස්තරයක් (හෝටලය මගින් මිලදී ගන්නා සියළුම විදේශ මුදල් ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට (BFCA) තැම්පත් කිරීම හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට විකිණීම කල යුතුය.) සහ පසුගිය මස අවසානය වන විට එම ගිණුම්වල ශේෂය පිළිබඳ බැංකු කරුගෙන් ලබාගන්නා ලද සහතිකයක්
  4. පසුගිය වර්ෂ තුන සඳහා සමාගම විසින් ගෙවන ලද ආදායම් බදු පිළිබඳ විස්තරයක්
  5. විදේශ මුදල් ව්‍යාපාරය සිදුකිරීමට යෝජිත ස්ථානය/යන්හි පිහිටීම පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් 
  6. සමාගම  සංස්ථාපනය කරන ලද බව දැක්වෙන සහතිකය  සහ සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියෙහි  සහතික කරන ලද පිටපත්
  7. 2007 අංක 07 දරන ව්‍යාපාර පනත ප්‍රකාරව පෝරම 1, පෝරම 15  සහ පෝරම 20 (අදාල වේ නම්), පෝරම 13 (අදාල වේ නම්)..යනාදියේ  සහතික කරන ලද පිටපත්
  8. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයේ සහ ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කරන ලද පිටපත්
  9. සමාගමේ ලේකම් විසින් සමාගමේ කොටස් හිමිකාරිත්වය සම්බන්ධ ව්‍යූහයක් ද සහිතව සමාගමේ ප්‍රකාශිත ප්‍රග්ධනය සම්බන්ධව දෙනු ලබන තහවුරුවක්   
  10. පසුගිය වර්ෂ 3 සඳහා වන සමාගමේ විගණනය කරන ලද ගිණුම්/මූල්‍ය ප්‍රකාශන