සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA)

සුරැකුම්පත් ආයෝජන ගිණුමක් යනු, ශ්‍රී ලංකාවෙන් පිටත වාසිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට මුදල් යෙදවීම සඳහා හඳුන්වා දෙන ලද විශේෂ ගිණුමකි.

පහත සඳහන් විධිවිධානයන්ට යටත්ව බලයලත් වෙළෙඳුන් හට විදේශීය ආයෝජකයින්ගේ නමින්, බලපත්‍රලාභී වාණිජ බැංකුවක් තුළ දේශීය බැංකු ඒකකයක සුරැකුම්පත් ආයෝජන ගිණුමක් විවෘත කර පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දී ඇත.

සුදුසුකම් ලත් ආයෝජකයින් විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් පවත්වා ගෙන යන බද්ධ ගිණුමක් ලෙස ද “සුරැකුම්පත් ආයෝජන ගිණුමක්” පවත්වාගෙන යා හැක. 

පහත සඳහන් විධිවිධානයන්ට යටත්ව විනිමය පාලන දොපර්තමේන්තුව වෙත යොමු නොකොට ආයෝජනය හා සම්බන්ධ විකුණුම් ප්‍රතිශ්ඨාව, ලාභාංශ, ලාභය හෝ වෙනත් ලැබීම් සුරැකුම්පත් ආයෝජන ගිණුමක් තුළින් නැවත ප්‍රේෂණය කළහැක.

යොමුව:

ප්‍රතිමුඛ ආයෝජන ගිණුම (OIA)

ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් යනු සුදුසුකම් ලත් නේවාසික ආයෝජකයින් විසින් ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන සිදු කිරීම සඳහා හඳුන්වා දෙන ලද විශේෂ ගිණුමකි.

පහත සඳහන් විධිවිධාන/රජයේ ගැසට් නිවේදනවල සඳහන් කොන්දේසීන්ට යටත්ව බලයලත් වෙළෙඳුන් හට නේවාසික ආයෝජකයින්ගේ නමින් “ප්‍රතිමුඛ ආයෝජන ගිණුම්” විවෘත කර පවත්වා ගෙන යාම සඳහා අවසර ලබා දී ඇත.

යොමුව: